WELL COME'

ඇයගේ හිමිදිරිය......





                                           උදා අරුණැල්ල තුරු හිස සිඹිණ විට,,
                                           කොඳ කැකුළු ඇහැරිලා මුදු සිනා සලන විට,
                                           සියොත් නද පැතිරිලා සවන් යුග පිරෙන විට,
                                          පතන්නෙමි සකි සඳුණි ආසිරි නැවුම් දවසකට


රැය පුරා තනිකමින් ඉකි බින්ඳ සඳ කුමරි,,
ඒ කඳුළු බිඳු වැටී හැඩ වෙලා තණ පලස,,
පමා වී වැඩියාට සමාව අයදමින්,,
හිරු කුමරු ආදරෙන් සිප ගනී පිණි පොකුරු,,,..

හුදෙකලා කඳුල.......



සෙනෙහසක් දොරේ ගලනා,,
හැඟුමන් සිතින් පිරෙනා...
මොහොතක් ලයට දැනෙනා
හුදෙකලා කඳුළක් වැටෙනා...

                                                            ළැම තුරුලෙ මුළු වතම සඟවා.
                                                            හද ගැස්ම මට නුඹේ ඇසුණා,

                                                            හදවතම ඉකි හඬින් සැලෙනා,
                                                            රත්තරනේ මට එන්න සිතුණා,,,....


හිමිදිරියෙ කොඳ කැකුළු පිපෙනා,,
නුඹේ වත මට එයින් දිලුණා,,
ලඟ නොමැත දුර බවයි හැඟුණා,
නෙතු පියන් කඳුලකින් තෙමුණා...



ඇයගේ සෙනෙහෙ පාරමිතාව.....

සසර පුරා පැතු පාරමිතාවක් ලෙස,,
ඔය නෙතු යුග යට සෙනෙහෙ භාවනාවට,
කමටහන් ඔබෙන් ලැබෙන තුරු,
බලා ඉමි බෝසත් ඔය සිත පාමුල...!!!

දැහැන් ගත වී ඔය සිත ලඟ..
දොහොත් මුදුන් දී නළලත,,                                              සත්තයි මේ ආදරය භාවනාවකි
බැති සිතින් නැමැද වන්දනා කරන්නෙමි,,
ඔය හදවත් මහමෙව්නාවම,...!!!

සලපතල මළුවක තැබූ පියවර ලෙස,,
නුඹ පසු පසින් යනෙන දිවි මග,
හද බැතින් නැමැද ඔය දෙපා යුග,,
සෙනෙහෙ යදින්නෙමි හිමි සඳුනි ඔබ පාමුල...!!!

ඇයගේ හුදකලාව...


සොදුරු වුව සොබාදහම නුබ                                                                                  
නෙක පාටින් හැඩ කල මා වට  
 ammi..
නොදැනුණේ  කීම සතුට 
අසිරිමත් නුබේ වර්ණ රටා  දැක .........

දහසක් නෙතු අතරේ වුව 
සිත දැනෙන්නේ කීම තනිකම 
දොඩමලු වුව බොහෝ දෙන 
ගොළුව හිදී හිතුවක්කාර සිත...........

හුදකලාව නුබ සොදුරු වග 
නිමක් නැති සිතුවිල්ලට ඉඩ  දෙන.
දයාබරව ලෙන්ගතුව තුරුළු කර 
නැවතුමක් සොයමි මේ විඩාබර දිවි මග........

ඇයගේ පැතුම.................!




පුළුන් වළා රැන්දු පැහැසර නිල් අහසට,

වැහි එක වළා රොදක්වත් එපා සත්තමයි,,

සිනා සලන ඔය නෙත් පියන් යට,

මේ ජීවිතේ වසන්තෙට.

ගිම්හාන සුළං රොදක්වත් එපා සත්තමයි,,



බලාපොරොත්තුවේ පහන් දල්වා නොනිම්,

දුරක තබා ගත රිදවා සිතුම්,

පෙරුම් පිරූ සෙනෙහසකට පිරුව පැතුම්,

කාලයට පුළුවන්ද රිදවන්න මේ තරම්,,,.....



කුරුළු පියාපත් ඉල්ලමි ඉගිල යන්න අනන්තයට,

දහසක් නෙතු මග නොදකින..

ඔය සෙවනක නතර වෙන්න,,

සුවඳ හාදු මුව තැවරුණු සිනහා සිතිජයේ එමට,,

අත්තටු ගෙන ඉගිල යන්න නුඹත් එන්න.....!

දෝරේ ගලන පිය සෙනෙහස.....





පොකෙට්ටුවේ ශතයක් නොවෙනා කලට,
ශතයක් සොයනට නුඹ ගියේ බර වැඩට,
කරගැට විත් දහදිය හැලුනේ බිමට,
නුඹ දුක් විඳ ගිණි නිව්වේ අපේ කුසට,,


සැර දැඩි පෙනුමත් තිබුණත් නුඹේ මුවට,
සංවේදි වෙයි නුඹෙ සිත පොඩි දුකට,,
ලෙඩක් දුකක් සැදුනත් නුඹෙ සිත ගතට,
බඩගින්නත් නැති වෙනවා අපේ කුසට,,

ජැන්ඩි පහට නොඇන්දාට නුඹ හැඩට,
හැඩට වැඩට පෙනේවි නුඹ මගේ නෙතට,
කෙස් ගස් දෙක තුනක් නුඹේ පැහුණාට,

මගේ ලෝකේ නිරිඳයි නුඹ හැම දාට.






කඳුල නෑ අද .....


 i really miss u ammi.....
අතරමං වු සිතක මහිමය,
දැණුනේ නුඹ දුර හිඳුණු කලකය,
කඳුළ නෙතු ලඟ රැඳුණු අරුමය,
මතකයේ මගේ රැදෙණු නිසැකය,

දුරක සිටිනා විටදි නුඹ ඒ...
හුස්ම පොද නොම මටද දැණුනේ,
පැතුම් දහසක් තුරුළු කර ඒ.....
නුඹේ තුරුලෙයි ඉන්න සිතුණේ,


දින සතිය මාසයද ගෙවුණේ,
වසර දෙක තුන කෙලෙස දැණුනේ,
සිතන විට නෙතු ලඟම රැඳුණේ,
කඳුළ පමණයි මගෙම ලදුණේ,,,,
 


පරවු සිත් මල යළි පූදින්නට.,
බලා සිටිය මුත් පිණි ඉහිරෙන්නට,
නැවුම් හැඟුමන් පුබුදු වන්නට,
කඳුල නෑ අද කැටුව යන්නට,,










ammi........
More I Miss You Comments


More I Miss You Comments

මගේ ලෝකයේ තනිකම.....







ලෝකයේ තියෙන සොඳුරුතම
          ආශ්වාදය
      තනිකම උණත්..
     ඒ තනිකම ඇතුලේ 
        තියෙන පාළුව
    දරා ගන්න බැරි තරම් 
           දුකක්....

ආදරයේ අකුරු කෙරිල්ල.....







වර්ණ ගැන්වූ සොදුරු සිත්තම දෙනෙත් අභියස සැගවිලා,
බොදව ගිය සද යලිදු එන්නට පතමි මගේ සිත තනි වෙලා.
හෙලන්නට තව කදුළු කොයිවද දෙනෙත් ඇතුලත සිරවෙලා,
ඉතින් අවසර අකුරු කෙරුමට කදුළු බිදු ගැන මුමුණලා,

සිහින පොදි බැද ලග සිටියේ ඇයි සිහින දකිමින් සිහි කලා,
සිනහා මුවගට එක් කලේ ඇයි සිනහවත් මට නැති කලා,
ජීවයට එළියක් වුණේ ඇයි අදුර පමණක් හිමි කලා
දැණුන සෙනෙහේ දුර ගියේ ඇයි තවම නැත මට වැටහිලා,

ගයනු කෙලෙසද ගීතයක් ලෙස කට හඩත් මගේ ගොළු වෙලා,
දකිනු කෙලෙසද ආදරේ මගේ කදුළු නෙතු ලග බොද වෙලා,
දැනෙනු කෙලෙසද හැගුම් ගොන්නක් පපුව තුල මගේ සිර වෙලා,
ලියනු කෙලෙසද සියුම් පද වැල් අකුරු මට අමතක වෙලා,,,











ගින්න පමණයි සිතට ලං වුණේ......

නොලැබ ජීවිතේ සතුටු සාගරේ,
දුකම පමණක් උරුම මා කෙරේ,
සිතට දැණුනත් මෙලෙස දුක් ස්වරේ,
අහිමි ගිය සතුටයිද ආදරේ....................

                                                                 අතීතය සිහිනයකි බදු වුණේ,
                                                          එලෙස සිතලයි සිතම සැනසුණේ,
                                                            වර්ථමාණයෙත් සිහින පිබිදුණේ
                                                               සිහින දක්නට බියක් ඉපදුණේ

බියක් සිතකට කෙලෙස ගොණු වුණේ..
සිතේ කොතැනක මෙලෙස සිදු වුණේ
නොසිතා ඉන්නට සිතට බැරි වුණේ
සිතන විට සිත් මලත් පර වුණේ.........,

                                                          ගිණි පෙල්ලකට සිතම ඇවිළුණේ,
                                                              මැදිරි එළියට ගතම බිය වුණේ.
                                                         දැවෙන විටකත් ගින්න සිහි වුණේ,
                                                            ගින්න පමණයි සිතට ලං වුණේ.

ජීවිතේ නුඹ මගේ සතුටයි............!


නොදැක සිත අතරමං වෙන්ටයි,
සගවගෙන ආදරේ දෙන්ටයි,
දෙතොල් නුඹේ මිමුණුවේ කුමටැයි,
සුණන්ගුව දුක් මුවේ පාටයි,,

නෙතු කැල්ම වෂී වුනේ නුඹටයි,
නොදැනීම දැණුනේ මගේ සිතටයි,
මම නොදනි සිත මගේ කොහිදැයි,
ලග නොමැති බව දනිමි සත්තයි,,

ජීවිතේ නුඹ මගේ සතුටයි,
දැනෙන්නේ කලක සිට සිතටයි,
හැගීමක අතරමං වෙන්ටයි,
අතරමග හැර නොයමි සත්තයි,

දුක සතුට දෙකෙහි නුඹ ලගමයි,
දිවුරලා කියමි මම නිසැකයි,
ජීවිතය විදිමු අපි එකටයි,
මියෙනතුරු නුඹගේම ලගමයි





මගේ ආදරයේ මට හිමි කඳුල............


දැනෙන සිතුවිලි දුරක දැවටී,,
නෙතු සොයන රුව කොහිද සැගවී,,
සිනහවත් මට අමතකම වී,
පිපුණු මල් ගොමු යළිදු පරවී.........

තුන් හිතම එක සිතට යටවී
පිදුව සෙනෙහස මටම සිහි වී,
සිතේ දුක අද කදුළු බිදු වී,
දෙනෙත් පුරු ලග තවම සිර වී........

මුවත් ගොලු වී වතත් මැල වී,
බලා වුණි සිත අතරමං වී,
ඇගේ සතුට මගේ කදුළු කැට වී,
දෝරේ ගැලුවා මහ සයුර වී........