නොලැබ ජීවිතේ සතුටු සාගරේ,
දුකම පමණක් උරුම මා කෙරේ,
සිතට දැණුනත් මෙලෙස දුක් ස්වරේ,
අහිමි ගිය සතුටයිද ආදරේ....................
අතීතය සිහිනයකි බදු වුණේ,
එලෙස සිතලයි සිතම සැනසුණේ,
වර්ථමාණයෙත් සිහින පිබිදුණේ
සිහින දක්නට බියක් ඉපදුණේ
බියක් සිතකට කෙලෙස ගොණු වුණේ..
සිතේ කොතැනක මෙලෙස සිදු වුණේ
නොසිතා ඉන්නට සිතට බැරි වුණේ
සිතන විට සිත් මලත් පර වුණේ.........,
ගිණි පෙල්ලකට සිතම ඇවිළුණේ,
මැදිරි එළියට ගතම බිය වුණේ.
දැවෙන විටකත් ගින්න සිහි වුණේ,
ගින්න පමණයි සිතට ලං වුණේ.
No comments:
Post a Comment