
උදා අරුණැල්ල තුරු හිස සිඹිණ විට,,
කොඳ කැකුළු ඇහැරිලා මුදු සිනා සලන විට,
සියොත් නද පැතිරිලා සවන් යුග පිරෙන විට,
පතන්නෙමි සකි සඳුණි ආසිරි නැවුම් දවසකට
රැය පුරා තනිකමින් ඉකි බින්ඳ සඳ කුමරි,,
ඒ කඳුළු බිඳු වැටී හැඩ වෙලා තණ පලස,,
පමා වී වැඩියාට සමාව අයදමින්,,
හිරු කුමරු ආදරෙන් සිප ගනී පිණි පොකුරු,,,..
No comments:
Post a Comment