WELL COME'

දෝරේ ගලන පිය සෙනෙහස.....





පොකෙට්ටුවේ ශතයක් නොවෙනා කලට,
ශතයක් සොයනට නුඹ ගියේ බර වැඩට,
කරගැට විත් දහදිය හැලුනේ බිමට,
නුඹ දුක් විඳ ගිණි නිව්වේ අපේ කුසට,,


සැර දැඩි පෙනුමත් තිබුණත් නුඹේ මුවට,
සංවේදි වෙයි නුඹෙ සිත පොඩි දුකට,,
ලෙඩක් දුකක් සැදුනත් නුඹෙ සිත ගතට,
බඩගින්නත් නැති වෙනවා අපේ කුසට,,

ජැන්ඩි පහට නොඇන්දාට නුඹ හැඩට,
හැඩට වැඩට පෙනේවි නුඹ මගේ නෙතට,
කෙස් ගස් දෙක තුනක් නුඹේ පැහුණාට,

මගේ ලෝකේ නිරිඳයි නුඹ හැම දාට.






No comments:

Post a Comment