උදා අරුණැල්ල තුරු හිස සිඹිණ විට,,
කොඳ කැකුළු ඇහැරිලා මුදු සිනා සලන විට,
සියොත් නද පැතිරිලා සවන් යුග පිරෙන විට,
පතන්නෙමි සකි සඳුණි ආසිරි නැවුම් දවසකට
රැය පුරා තනිකමින් ඉකි බින්ඳ සඳ කුමරි,,
ඒ කඳුළු බිඳු වැටී හැඩ වෙලා තණ පලස,,
පමා වී වැඩියාට සමාව අයදමින්,,
හිරු කුමරු ආදරෙන් සිප ගනී පිණි පොකුරු,,,..
සෙනෙහසක් දොරේ ගලනා,,
හැඟුමන් සිතින් පිරෙනා...
මොහොතක් ලයට දැනෙනා
හුදෙකලා කඳුළක් වැටෙනා...
ළැම තුරුලෙ මුළු වතම සඟවා.
හද ගැස්ම මට නුඹේ ඇසුණා,
හදවතම ඉකි හඬින් සැලෙනා,
රත්තරනේ මට එන්න සිතුණා,,,....
හිමිදිරියෙ කොඳ කැකුළු පිපෙනා,,
නුඹේ වත මට එයින් දිලුණා,,
ලඟ නොමැත දුර බවයි හැඟුණා,
නෙතු පියන් කඳුලකින් තෙමුණා...
සසර පුරා පැතු පාරමිතාවක් ලෙස,,
ඔය නෙතු යුග යට සෙනෙහෙ භාවනාවට,
කමටහන් ඔබෙන් ලැබෙන තුරු,
බලා ඉමි බෝසත් ඔය සිත පාමුල...!!!
දැහැන් ගත වී ඔය සිත ලඟ..
දොහොත් මුදුන් දී නළලත,, සත්තයි මේ ආදරය භාවනාවකි
බැති සිතින් නැමැද වන්දනා කරන්නෙමි,,
ඔය හදවත් මහමෙව්නාවම,...!!!
සලපතල මළුවක තැබූ පියවර ලෙස,,
නුඹ පසු පසින් යනෙන දිවි මග,
හද බැතින් නැමැද ඔය දෙපා යුග,,
සෙනෙහෙ යදින්නෙමි හිමි සඳුනි ඔබ පාමුල...!!!