සසර පුරා පැතු පාරමිතාවක් ලෙස,,
ඔය නෙතු යුග යට සෙනෙහෙ භාවනාවට,
කමටහන් ඔබෙන් ලැබෙන තුරු,
බලා ඉමි බෝසත් ඔය සිත පාමුල...!!!
දැහැන් ගත වී ඔය සිත ලඟ..
දොහොත් මුදුන් දී නළලත,, සත්තයි මේ ආදරය භාවනාවකි
බැති සිතින් නැමැද වන්දනා කරන්නෙමි,,
ඔය හදවත් මහමෙව්නාවම,...!!!
සලපතල මළුවක තැබූ පියවර ලෙස,,
නුඹ පසු පසින් යනෙන දිවි මග,
හද බැතින් නැමැද ඔය දෙපා යුග,,
සෙනෙහෙ යදින්නෙමි හිමි සඳුනි ඔබ පාමුල...!!!
No comments:
Post a Comment