WELL COME'

ආදරේ සිතිවිල්ල,,

                                                                                                                 

lovE foR u'''



ආදරය මුසාවක්,
කලොත් ඔබ වතාවක්,
ලැබෙන් නෑ සමාවක්,
අඩයි සිය වතාවක්,,

        අවංකව සිත ගන්න,
අවංකව සිත දෙන්න.
ආදරය විද ගන්න,
දෙදෙනාම ජය ගන්න,,

ආදරේ කටු අත්ත,
දනිමු අපි ඒ ඇත්ත,
විද ගෙනම කටු අත්ත,
ඇවිද යමු මල් වත්ත,,

ආදරේ සිතිවිල්ල,
දැණුනොත් කැරකිල්ල,
නොසගවා පැවසිල්ල,
ජීවිතේ සැරසිල්ල,,!   
                                       

නොසිතූ පැතුම,,,!

තනි කම..
නුඹේ නෙතු ලග ඉන්න,.
කදුලු පිස සනසන්න,
නෙතු ලගම මියදෙන්න,
නුඹේ නෙත මට දෙන්න


නුඹේ සිත සරසන්න,,
සිහිනයක දැවටෙන්න,
ආදරය ලැබ ගන්න,,
නුඹේ සිත මට දෙන්න.

නුඹේ සිත නොම දෙන්නේ,
තව කෙනෙකු ලග ඉන්නේ,
සිතම නෑ වා වන්නේ,
මිය දෙන්න සිත දෙන්නේ.

සතුට නුඹේ ඔහු වෙන්න,
පතමි මම එක් වන්න,
මගේ ආයු ලැබ ගන්න,
දෙදෙනාම දුර යන්න,...!

සතුට නුඹේ දැක ගන්නේ,
කදුලු නෙතු පිස ලන්නේ,
ආයේ නෑ වද දෙන්නේ,
නොකියාම මම යන්නේ,.