 |
| කදුළු නෙත..... |
ආදරේදි නුඹ කියු කථා මට
තාමත් රැව්දේ මගේ දෙසවනට
නුඹ නැතිව අද මගේ තනියට
කදුළු නම් ලගම හිදී තනිකමේ පාළුවට
නුඹේ ලග මම ඉන්න පැතුව එක වැරැද්දද..?
ආදරේ සිනහවෙන් ගෙවපු එක වැරැද්දද..?
ලස්සනට හීනයක් පාට කල වැරැද්දද..?
මටම නුඹව නැති වුණේ මගේ මොන වැරැද්දෙද.......?
අඩන්නට කදුළු නම් ඇත මගේ නෙත් පතුලේ
හිනැහෙන්න සිනහමුව ඇත නුඹේ සිත් පතුලේ
ආදරෙන් හිනැහෙන්න කිමද බැරි මට වදුලේ
කවදහරි මියැදෙන්නේ නුඹේ ඔය ලැම තුරැලේ
•´¯`•.♥.•´¯`•.¸¸.•.•.¸¸.•´¯`•.♥•´¯`•.♥.•´¯`•
දුටුව දිනේ මතකයි මට අද වාගේ
ලියන්න පුළුවනි මට නම් කවි වාගේ
කවි ලියන්න පුරැදු වුණේ නුඹ වාගේ
ලැබුණ නිසයි ආදරෙ මහමෙර වාගේ
මගේ සිතට කවි සිතිවිලි ගලමින්නා
ලියා ගන්න බැරි තරමට ඉතිරෙන්නා
එදා නුඹම මට ලියු කවි සිහි වෙන්නා
නුඹට මතක නැති බව එය මම දන්නා
සිව් වසරක් ගතඋන්ණා පෙම් බැදලා
දුන්න ආදරේ මතකයි සිත් බැදලා
අදටත් මට සිහි වෙනවා ඔබ දැකලා
කොහෙද ගියේ නුඹ අද මා තනි කරලා
•´¯`•.♥.•´¯`•.¸¸.•.•.¸¸.•´¯`•.♥•´¯`•.♥.•´¯`•.¸¸.•.•.¸¸.•´¯`•.♥