WELL COME'

ඇයගේ හුදකලාව...


සොදුරු වුව සොබාදහම නුබ                                                                                  
නෙක පාටින් හැඩ කල මා වට  
 ammi..
නොදැනුණේ  කීම සතුට 
අසිරිමත් නුබේ වර්ණ රටා  දැක .........

දහසක් නෙතු අතරේ වුව 
සිත දැනෙන්නේ කීම තනිකම 
දොඩමලු වුව බොහෝ දෙන 
ගොළුව හිදී හිතුවක්කාර සිත...........

හුදකලාව නුබ සොදුරු වග 
නිමක් නැති සිතුවිල්ලට ඉඩ  දෙන.
දයාබරව ලෙන්ගතුව තුරුළු කර 
නැවතුමක් සොයමි මේ විඩාබර දිවි මග........

ඇයගේ පැතුම.................!




පුළුන් වළා රැන්දු පැහැසර නිල් අහසට,

වැහි එක වළා රොදක්වත් එපා සත්තමයි,,

සිනා සලන ඔය නෙත් පියන් යට,

මේ ජීවිතේ වසන්තෙට.

ගිම්හාන සුළං රොදක්වත් එපා සත්තමයි,,



බලාපොරොත්තුවේ පහන් දල්වා නොනිම්,

දුරක තබා ගත රිදවා සිතුම්,

පෙරුම් පිරූ සෙනෙහසකට පිරුව පැතුම්,

කාලයට පුළුවන්ද රිදවන්න මේ තරම්,,,.....



කුරුළු පියාපත් ඉල්ලමි ඉගිල යන්න අනන්තයට,

දහසක් නෙතු මග නොදකින..

ඔය සෙවනක නතර වෙන්න,,

සුවඳ හාදු මුව තැවරුණු සිනහා සිතිජයේ එමට,,

අත්තටු ගෙන ඉගිල යන්න නුඹත් එන්න.....!