මතකද....?
 |
| මගේ දගකාරි |
වළා පෙලින් සඳ වැසෙනා මොහොත මට අමතක වුණු දවස නුඹට මතකද...
ඔබෙ රුව සිතුවම් වූ ලෙන්ගතු සුදු වළාව මගේ සිත් අහස පුරා විසිරැණු සැටි නුඹට මතකද..
දහවල් සඳ වගේ නුඹේ මුවේ දුටු සිනහවෙන් මගේ සිනහවත් එළිය වුණු සැටි නුඹට මතකද..
නුඹේ දගකාර කෙළිලොල් වදන් වලින් මාගේ සිනා මුසු වදන් වලින් හැමදේම එකිනෙක ගලපමින් ලස්සනම ලස්සන හීනයක් අපි පාට කල සැටි නුඹට මතකද,,?
No comments:
Post a Comment